ගුවන්විදුලි තරංග සම්ප්‍රේෂණය අරන්නේද මෙම පරිපථයේ වැඩි දියුණු පරිපථයක් මගිනි...L1 සඳහා 0.7mm එනමල් කම්බියක් භාවිතා කරන්න..එම කම්බිය 3mm වට ප්‍රමාණයට වට 5ක් ඔතා ගන්න...ඔබේ fm ට්‍රාන්ස්මීටරයේ fm සංඛ්‍යාතය තීරණය වන්නේ කම්බිය ඔතා ගන්නා ආකාරය අනුවයි....ඔබට කැමතිනම් අසල්වැසියන්ට අහන්න සරල ගුවන්විදුලි නාලිකාවක් විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන්....එතකොට කොහොමද ඔයාගේ fm එක කට්ටිය අහනකොට.... :D
ඔන්න පරිපථය
පරිපථයට විදුලිය සැපයීමට පෙර අනිවාර්යෙන් ඇන්ටනාවක් සවිවිය යුතුයි...ඇන්ටනාව සඳහා තරමක් දිග
ඒ-රියල් කූරක් භාවිතා කරන්න....පරිපථය පුළුවන් තරම් කුඩාවට එකලස් කරගන්න....එත් පරිපථය ෂෝට් නොවීමටද වගබලා ගන්න...
පරිපථය ටෙස්ට් කිරීම :-
- ස්ටීරියෝ ඉයර් ෆෝන් ජැක එක ඔයාගේ ෆෝන් එකට ගහන්න
- ෆෝන් එකේ මොකක් හරි සින්දුවක් play කරන්න...
- දැන් පරිපථයට විදුලිය ලබා දෙන්න
- දැන් ඔබේ fm ගුවන්විදුලිය හිමිහිට සුසර කරන්න...
- ඔයා play කරපු සින්දුව ගුවන්විදුලියෙන් ඇහෙනවා නම් සාර්ථකව පරිපථය නිමවා ඇත...
ඉයර් ෆෝන් ජැක එක වෙනුවට මයික් එකක් සවිකරගෙන ඔබේ හඬද විකාශනය කරන්න පුළුවන්...
එහෙනං ආයෙත් මේවගේ පොස්ට් එකකින් හමුවෙමු....