
3D ටීවී එකක් ගන්නවා කියන එකත් ලේසි නෑ..අඩුම ගානේ එක්ලක්ෂපනස්දාහාක් කිට්ටු වෙන්න යනවා..
කොහොම හරි 3D tv එකක් වෙනුවට LED/LCD tv එකකකුත් ගත්තානේ,අපි හදන 3D එකෙන් ශෝක් එකට 3D බලන්න පුළුවන්.(පට්ටයි නේ)
අපි දැන් කරන්න යන්නේ 2D වීඩියෝ 3D බවට පත් කරන්න.කලින්ම කිව්වනේ පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් උදව් කරගන්නවා කියලා.මුලින්ම සොෆ්ට්වෙයා කෑල්ල ඩවුන්ලෝඩ් කරගන්න
ඊට පස්සේ පරිගණකයට ස්ථාපනය කරලා ඕපන් කරගන්න.

ඊලගට අපිට 3D කරන්න ඕනේ ෆිල්ම් හරි වීඩියෝ එක මේ මෘදුකාංගයට ලබාදෙන්න. ඒකට ෆයිල් වල ඕපන් විදානය පවිච්චි කරන්න පුලුවන්
අපිට සිද්ද වෙනාවා 3D ආකාරයෙන් output එක් ගන්න.ඒ සදහා 3D ග්ලාස් ආකරයෙන් තියන ෆයිල් පෝමැට් එක තෝරන්න වෙනවා. පහත රූපය බලන්න.
ඊලගට start ක්ලික් කරන්න.2D ෆයිල් එක 3D වෙන්න පටන් ගනී. ඔයාලගේ පරිගනකයේ වෙගය අනුව ඒ වෙනුවෙන් යන කාලය නම් අඩු වැඩිවෙන්න පුලුවන්. ඉතින් අවසානයේ අපිට ලැබෙනවා 3D ෆ්ලිම් ෆයිල් එකක්. ඉතින් මේක බලන්න පුලුවන් ඕනේම ප්ලේයර් එකකින්. හැබැයි 3D පේන්ඩ නම් කන්නාඩිය දාන්න වෙනවා..! 3D කන්නාඩිය ඕනිනම් අපිටම ගෙදර හදාගන්න පුළුවන්.
3D කන්නාඩිය හදන හැට දැනගන්න මෙතන ක්ලික් කරන්න
ඔයාලත් 2D ෆයිල් එක 3D කරලා බලන්නකෝ
එහෙනං ආයෙත් මේවගේ පට්ට පොස්ට් එකකින් හමුවෙමු.............