
ගිනස් වාර්තා පොතට මූලික වූ පුද්ගලයා කවුද?
පිළිතුර -: ශ්‍රීමත් හියු බිවර්
......................................ඔබේ සාමාන්‍ය දැනුමට................................
යුරෝපයේ වේගවත්ම කුරුල්ලා වන රන වටුවාට දඩයක්කරුවෙක් එල්ල කළ පහරක් ගිලිහී යනු දිනක ශ්‍රීමත් හියු බිවර් දුටුවේය. ඒ මොහොතේ රන වටුවා පැයට සැතපුම් 100ක් පමණ වේගයෙන් ඉගිල ගියේ යැයි ඔහු පැවසූ අතර සැබවින්ම රන වටුවාට කොපමණ වේගයෙන් පියාසර කළ හැකි දැයි දැන ගැනීමට අවශ්‍ය විය. එහෙත් ඒ පිළිබඳව සටහන්වූ කිසිදු ලියැවිල්ලක් සොයා ගැනීමට ශ්‍රීමත් බිවර්ට නොහැකි විය. ගිනස් වාර්තාව බිහිවූයේ එවැනි විස්තර සටහන් කර තැබිමටය.