Sunday, April 5, 2015

කැමරාවෙන් මවුසය පාලනය කරමුද?( Camera Mouse )

 මෙම මෘදුකාංගය භාවිතා කිරීමට ඔබට අවශ්‍ය වන්නේ වෙබ් කැමරාවක් පමනි. බාගත කරගනු ලැබූ මෘදුකාංගය ඔබේ පරිගනකයට ස්ථාපිත කල යුතු අතර කැමරාව ස්ථීර ලෙස පරිගනකයේ තිරයේ හරි මැදින් ඉහලින් සවිකල යුතුය. 
දෑත දෙපා ආබාධිත වීම හරහා යමෙකුට බොහෝ දේ අහිමි වන බව කනගාටුදායක කරුනකි. වත්මන් පරිගනක තාක්ෂනය දියුනු යුගයේදී දැනුම හා බුද්ධියෙන්

 සපිරුනද අත් පා ආබාධිත වීම නිසා පරිගනකයක් බාවිතා කිරීමට නොහැකි වීම සැබැවින්ම කණගාටුදායකය. කෙසේ වුවද මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන

 එන්නේ එවැනි වූ පුද්ගලයන්ට සිය අත් පා භාවිතයෙන් තොරව පරිගණකය පාලනය කිරීමේ හැකියාව ලබාදෙන ඉතා සරල නොමිල දෙන මෘදුකාංගයක් පිලිබදවයි.


 මෙය ලැප්ටොප් පරිගනක වලද ක්‍රියාත්මක වුවද පරිගනකය හා කැමරාව නොසෙල්වී තිබිය යුතුය.

Cameramouse මෘදුකාංගය ධාවනය කිරීමෙන් ඔබට එක් තොරතුරු වින්ඩෝවක් දර්ශනය වන අතර “OK” විධානය ක්ලික් කර මෘදුකාංගයේ ප්‍රධාන තිරයට පිවිසිය හැකිය. මෙහිදී ඔබේ වෙබ් කැමරාවට පෙනෙන දසුන ඔබට දර්ශනය වනු ඇත. CameraMouse ක්‍රියාකරන්නෙ ඔබේ මුහුනේ එක් අංගයක් හදුනාගෙන එහි චලනය අනුව මව්සය හැසිරවීම මගිනි . එබැවින් පලමු වර ක්‍රියා කිරීමේදී ඔබ මෘදුකාංගයට හදුනා ගැනීමට ඔබේ මුහුනේ යම් ප්‍රදේශයක් තෝරා දිය යුතුය. මුහුනට හොඳින් ආලෝකය වැටීම මෘදුකාංගය හොඳින් ක්‍රියා කිරීමට බලපාන සාධකයකි. වෙබ් කැමරාවෙන් ලැබෙන ඔබේ ප්‍රතිබිම්බයේ ඔබේ නාසය හෝ නළලේ මැද තෝරාදීම තුලින් ඔබට පහසුවෙන් CameraMouse හැසිරවීමට ඉඩ සලසනු ඇත.


ඔබේ මුහුනේ යම් ස්ථානයක් (උදා  නාසය නිකට හෝ නලල ) තෝරා තත්පර කිහිපයක් නිසලව සිටිය විට මව්සය ඔබේ මුහුනේ චලනයන්ට අනුව චලනය වනු ඔබ දක්නට ලැබෙනු ඇත. ඔබට ctrl, F9 හෝ මව්සය සෙලවීමෙන් මෙය අක්‍රීය කල හැකිය.ඔබට මෙම පියවර මගින් මව්සය චලනය කල හැකි වුවද ක්ලික් කිරීමට නම් CameraMouse වින්ඩෝව්ස් මැද ඇති Setting විදානය තෝරා ගත යුතුය.Setting මෙනුවේ ටැබ් කිහිපයක් ඇති අතර එහි clicking යන්නෙහි ඇති “clicking” යන විධානය මගින් ඔබට click කිරීම සක්‍රීය කල හැකිය. එහි ඇති “Dwell time” යන්නෙහි (1sec) හෙවත් එක් තත්පරයක් යන්න සදහන් වී ඇත. මෙයින් අදහස් වන්නෙ
 ඔබ මව්ස් පොයින්ටරය යම් ස්ථානයක තත්පරයක් තබාගෙන සිටියහොත් එහි ක්ලික් වන බවයි. ඔබට “Dwell time” අවශ්‍ය පරිදි වෙනස් කල හැකිය.

 Camera Mouse හි Double Clicking ද මෙහිදීම සක්‍රීය කල හැකි අතර “Enable Doubla Clicking” විධානයෙන් එය සිදුකල හැකිය. එවිට Camera Mouse ප්‍රධාන මෙනුවේ අමතර බොත්තමක් දර්ශනය වනු ඇති අතර එය ක්ලික් කර යම් අයිතමයක් මත ක්ලික් කර විට ත් ඩබල් ක්ලික් වනු ඇත. මෙය දිගින් දිගටම සිදුකිරීම අපහසු නම් ඔබට “Single Click to open an item (wnidows Setting)” යන විධානය සක්‍රීය කල හැකි අතර එවිට එක්වරක් ක්ලික් කිරීමෙන් ඕනේම අයිතමයක් විවෘත කිරීමට හැකි වනු ඇත.


Setting හි 5 – 4 – 3 – 2 – 1 ටැබ් එකෙහි “Run 5 – 4 – 3 – 2 – 1  routing on loss of track point”සක්‍රීය කිරීමෙන් මෘදුකාංගයට ඔබේ මුහුනේ focus point එක මගහැරුනහොත් එය මව්සය භාවිතයෙන් තොරව ස්වයංක්‍රීයව නැවත නාභිගත කිරීමේ ක්‍රමයක් ලබාදීම විශේෂ පහසුකමකි.   පරිගණක භාවිතා කිරීමට වරම් නැති අයට නව ලොවකට පිවිසීමටත් අන් අයට විනෝදයට මෙන් අත්හදා බැලීමටත් හැකි
CameraMouse සේවාව සැබැවින්ම විශිෂ්ඨ හා අනගි නිර්මානයක් බව කිව යුතුය.