මෙවන් අවස්ථාවන් හැකි තාක් දුරට මැඩපැවැත්වීමේ අරමුණින් උතුරු කැලිෆෝර්නියාවේ Zero මෝටර් සයිකල් සමාගම, නීතිය බලාත්මක කරන පාර්ශවයන්ගේ භාවිතය සඳහා අලුත්ම මෝටර් සයිකලයක් නිෂ්පාදනය කිරීමට යොදා ඇත.
පැයට කිලෝ මීටර 158ක වේගයෙන් ගමන් කිරීමට හැකි මෙම මෝටර් සයිකලය මඟින් නුදුරු අනාගතයේදීම පොලිසියට අපරාධකරුවන් හඹායාම වේගවත් ලෙස සිදු කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. Zero මෝටර් සයිකල් සමාගම සාමාන්‍ය පුද්ගල භාවිතය සඳහා ඉතාම ගුණාත්මක භාවයෙන් යුතු මෝටර් සයිකල් නිෂ්පාදනයේ පෙරගමන්කරුවකු වී සිටි අතර පොලිසියේ භාවිතය සඳහා නිර්මාණය කල ඔවුන්ගේ ප්‍රථම නිෂ්පාදනය මෙයයි.මෙය Zero මෝටර් සයිකල් සමාගම නිෂ්පාදය කල MMX නම් මෝටර් සයිකලයේ, එනම් හමුදා ක්‍රියාන්විතයේදී යොදාගන්නා ලද off -road මාදිලියේ මෝටර් සයිකලයක පියසටහන් අනුගමනය කරන එකකි. පෙර සඳහන් වූ පරිදිම මෙය නාගරික ප්‍රදේශයන්හි නීතිය බලාත්මක කරන ආයතන වලින් භාවිත වනු ඇති අතර මෙහි ඇති කිසිඳු ශබ්දයක් පිට නොවන එන්ජිම මඟින් අපරාධකරුවන්ට නොදැනෙන ලෙස ඔවුන් පිටුපස හඹාගොස් ග්‍රහණය කරගැනීමට පොලිසියට හැකියාව ලැබෙනු ඇත. මේ වන විටත් ලොස් ඇන්ජලිස් පොලිස් දෙපාර්තමේන්තුව මෙම ඉලෙක්ට්‍රොනික මෝටර් සයිකලය ඇගයීමට පත් කරමින් සිටිති.
අපරාධකරුවන්ට නොදැනී ඔවුන් ග්‍රහණය කරගැනීමේ අරමුණ සාක්ෂාත් කරගනු වස් Zero මෝටර් සයිකල් සමාගම මේ වන විට ඉහත මෝටර් සයිකලයේ Zero SP හා DSP යනුවෙන් මාදිලි දෙකක් නිෂ්පාදනය කිරීමට කටයුතු යොදා ඇත. Zero SP මෝටර් සයිකලය සම්පූර්ණයෙන්ම වීදි ආශ්‍රිතව භාවිතා වනු ඇති අතර පසු කාලීනව මාර්ගාශ්‍රිතව හෝ මාර්ගයෙන් පිටත (off -road) භාවිතය සඳහා යොදා ගනු ඇත.එක් වරක් ආරෝපණය කරන ලද මෙම මෝටර් සයිකල බැටරිය කිලෝ මීටර 264ක් ධාවනය කිරීමට සමත් වනු ඇති අතර, එය නගර බද ප්‍රදේශයන්හි පොලිස් මෙහෙයුම් සඳහා ඉතාම පහසුවෙන් භාවිතා කිරීමට පොලිසියට හැකියාව ලැබෙනු ඇත.
අනාගතයේදී අපරාධකරුවන් ග්‍රහණය කරන මෙහෙයුම් සාර්ථක වීම කෙරෙහි ,පොලිස් හා හමුදා කණ්ඩායම් සතු ඉව හා සහජ හැකියාවත්ටත් වඩා මෙවන් නිර්මාණ භාවිතය හේතුවනු නිසැකය.