Thursday, April 9, 2015

ලෝකයේ අමුතු අමුතු පාරවල්



ඔන්න ඉතින් වෙනසකටත් එක්ක රට රටවල් වල අමුතු අමුතු පාරවල් ටිකක් ගැන තමයි මේ කියන්න යන්නේ.....අමුතු පාරවල් ලෝකේ ගොඩක් තියෙනවා. සමහර පාරවල් අමුතුවෙන්නෙ දුෂ්කරත්වය නිසා. සමහර පාරවල් ලස්සන නිසා. කොහොම උනත් මෙතන තියෙන්නෙ අමුතුම අමුතු පාරවල් ටිකක්.කතා නවත්තලා ලෝකයේ අමුතු අමුතු පාරවල් ටික බලමු.......








01.ලෝකයේ වැඩිම ආනතියක් නැත්තන් බෑවුමක් සහිත මාර්ගය
නවසීලන්තයේ ඩනේඩින් වල පිහිටා ඇති මෙම මාර්ගයේ තිරස්ව ගමන් ගන්න සෑම මීටර 5කටම 1එක් මීටරයක් සිරස්ව ගමන් කරන ආකාරයෙන් නිමවී තිබේ.මෙම මාර්ගයේ ඇති වැඩිම බෑවුම ලෙස සැලකෙන්නේ 19° ක්. මෙය සංචාරකයන්ගේ සිත් ඇදගන්න ස්ථානයක්.

02.ලෝකයේ වැඩියෙන්ම ඇද වුන පාර

ඇමෙරිකාවේ San Francisco හි ලොම්බර්ඩ් විදිය එහි ඇති ආනතියට වගේම තියුණු වංගු 8ටත් ඉතා ප්‍රසිද්ධයි. බොහෝ සංචාරකයින් මෙම වංගු සහිත මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමට හෝ ඇවිදගෙන යාමට කැමැත්තක් දක්වයි.

03.ලෝකයේ පළල්ම විදිය

ආජන්ටිනාවේ බුවනොර්ස් එයාස් හි පිහිටා ඇති මෙම විදිය නිදහස් දිනය සිහි කිරීම වෙනුවෙන් නම් කර තිබේ. මෙම මාර්ගය කිලෝමීටරයක් පමණ දිග වන අතර මාර්ගයේ එක් පැත්තකට මංතීරු 7 බැගින් තිබේ !! ඊට අමතර මෙම මාර්ගය දෙපස මංතීරු දෙකකින් සමන්විත මාර්ග දෙකක් තිබේ.

04.ලෝකයේ පටුම මාර්ගය

ඔව්. ඒකේ නම නං කියාගන්න ටිකක් අමාරුයි කියලා දැක්කම පේනවනේ. මොනව වුනත් මේක තියෙන්නේ ජර්මනියේ. 1727 දී තමයි හදල තියෙන්නේ. මාර්ගයේ පටුම තැන සෙන්ටිමීටර 31ක් පමණ වෙද්දී පළල්ම තැන වෙන්නේ සෙන්ටිමීටර 50යි. මහත එක්කෙනෙක්ට නං යන්න ටිකක් අමාරු වෙයි.

05.ලෝකයේ දිගම පාර

යෝන්ගේ වීදිය ඔන්ටාරියෝ විල් ඉවුරේ සිට සිමොස් විල දක්වා දිවෙයි. එය ලෝකයේ දිගම මාර්ගය ලෙස ගිනස් වාර්තා පොතට එක් වී තිබිණ. දිගින් කිලෝමීටර 1896ක්.නමුත් මෙම වාර්තාව ගිලිහි යන්නේ මෙම මාර්ගය අදිවේගී මාර්ගයේ (Highway 11) කොටසක් ලෙස සැලකිය නොහැකි බව පැවසුන නිසාවෙනි. නවතම වාර්තා වලට අනුව ඇමෙරිකාවේ Pan-American අදිවේගී මාර්ගය වාහන ධාවනය කළහැකි දිගම මාර්ග ජාලය ලෙස සැලකේ. මාර්ග ජාලයේ දිග කිලෝමීටර 48000ක්. ඇලස්කාවේ Prudhoe බොක්කේ සිට ආර්ජන්ටිනාවේ Ushuaia දක්වා දිවෙයි.

06.මාර්ගයක පිහිටා ඇති දිගම උමග

මෙය කිලෝමීටර 24.5ක් දිගින් යුක්තයි. මෙම උමං මාර්ගය නොර්වේ හි Lærdal සහ Aurland යන නගර දෙක යා කරයි. මංතීරු දෙකකින් සමන්විතය.

07.ලෝකයේ භයානකම පාර

බොලිවියාවේ ඇති මරණයේ පාර තමයි ලෝකයේ ඇති භයානකම පාර ලෙස සැලකෙන්නේ. පේනවනේ පාර පිහිටලා තියන හැටි. මේ නම යෙදෙන්නේ නිකන් නෙමෙයි. මේ පාරේදී වසරකට ජීවිත 200ක් 300ක් පමණ අහිමි වෙනවා.

08.ලෝකයේ වැඩියෙන්ම හිම මිදෙන පාර

ඇන්ටාර්ක්ටිකාවේ පිහිටා ඇති සැතපුම් 995ක් (1,601 km) මෙම පාර සලකුණු කරලා තියෙන්නේ කොඩි වල ආදාරයෙන්.

09.ලෝකයේ කිසිම වෙනසක් නැති පාර

ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති කිලෝමීටර 1664ක් දිග මෙම පාර බටහිර සහ දකුණු ඔස්ට්‍රේලියාව නලබෝර් තැන්න හරහා යා කරයි. නගර කිහිපයක් පමණක් මෙම මාර්ගය දෙපස පිහිටා ඇති අතර පරිසරයේ සැලකිය යුතු තරම් වෙනසක් අපිට දැකගන්නට ලැබෙන්නේ නෑ. වටේ පිටේ බලන්නවත් දෙයක් නැති හින්ද ලෝකේ තියන කම්මැලිම පාර කිව්වත් වරදක් නෑ.

10.ලෝකයේ වැඩිම උසකින් පිහිටා ඇති පාර

ලෝකයේ උසම පාර වැටි ඇත්තේ ලෝකයේ උසම පාලම මතින්. මෙම පාරේ උසම තැනට පොලොවේ ඉඳල උස මීටර 343ක්. නැත්තන් අඩි 1,125ක්.