Saturday, April 18, 2015

Password එක මතක නැද්ද? එහෙනම් මෙන්න මෙහෙම රවුටරය ක්‍රියාත්මක කරමු



 අන්තර්ජාලයට පිවිසීම සඳහා රවුටරයක් භාවිත කිරීමේ දී එහි ක්‍රියාකාරීත්වය සඳහා Password එක දැන සිටීම අවශ්‍ය බව ඔබ දන්නා කරුණකි. එහෙත් එය අමතක වූ හෝ, Password එක නොදන්නා රවුටරයක් භාවිත කිරීමට සිදු වූ අවස්ථාවක දී හෝ Password එක reset කිරීමේ හැකියාව ඔබ සතු වග ඔබ දැන සිටියා ද?

මේ සඳහා පළමුවෙන් ම කළ යුතු වන්නේ default username සහ password යොදා ගනිමින් log වීමට උත්සාහ කිරීම යි. මෙම තොරතුරු සොයා ගැනීම සඳහා ක්‍රම කිහිපයක් ඇත. රවුටරය සමග ලැබෙන උපදෙස් පත්‍රිකාව කියවීම අනිවාර්යයෙන් කළ යුත්තකි. එක ම නිෂ්පාදකයකු විසින් නිපදවන ලද වුව ද විවිධ වර්ගයේ රවුටර ඇත. එම උපදෙස් පත්‍රිකාව නැති වූ අවස්ථාවක දී උපකරණයේ model number එක සොයාගෙන අන්තර්ජාලය ඔස්සේ උපදෙස් පත්‍රිකාව හෝ default password එක හෝ සොයා ගත හැකි වේ. රවුටරයේ ස්ටිකරය මත ද Password එක සටහන් වන අවස්ථා පවතින හෙයින් ඒ පිළිබඳ ව ද අවධානය යොමු කිරීම වැදගත් වේ. පොදු username එකක් සහ password එකක් භාවිතයට උත්සාහ කිරීම ද කළ හැකි ය. නිදසුනක් වශයෙන් admin යනු බොහෝ රවුටරවල යෙදෙන password එකකි. ඇතැම් විට username එකකින් තොර ව මෙම password එක යෙදෙන අතර, username එක වෙනුවෙන් admin යෙදී password එකක් නොයෙදෙන අවස්ථා සේ ම username සහ password දෙක ම වෙනුවෙන් admin යනුවෙන් යෙදෙන අවස්ථා ද ඇත. RouterPasswords.com ඔස්සේ මෙබඳු තවත් අවස්ථා ඔබට හඳුනා ගත හැකි ය.

Image
sswords.com ඔස්සේ මෙබඳු තවත් අවස්ථා ඔබට හඳුනා ගත හැකි ය.default factory settings වෙත රවුටරය reset කිරීම මීළඟ විසඳුම යි. බොහෝ රවුටරවල මේ සඳහා වෙන ම button එකක් ඇත. මෙහි දී රවුටරයේ සිදු කරන ලද සියලු වෙනස්කම් අහෝසි වන අතර, passwords වෙනස් කිරීමක් සිදු විණි නම් ඒවා ද අහෝසි වෙයි. රවුටරයෙන් රවුටරයට මෙය සිදු කළ යුතු ආකාරය වෙනස් වන බැවින්, වඩාත් සුදුසු වන්නේ ඒ සමග ලැබෙන
උපදෙස් පත්‍රිකාව කියවා බැලීම යි. එසේ වෙතත් සාමාන්‍ය පොදු ක්‍රමවේදයක් ද හඳුනා ගත හැකි වේ.

රවුටරයෙහි පිටුපස, Reset යනුවෙන් සඳහන් බොත්තමක් ඇති අතර, වැරදීමකින් එබීම වළක්වා ගැනීම සඳහා මෙය සිදුරක් තුළ පිහිටා තිබේ. තත්පර 10ක් පමණ මෙය press කරගෙන සිට අත්හළ විට, default username සහ password එක ඔස්සේ රවුටරයට log වීමේ හැකියාව ලැබේ.

Password එක නො දැන Ports Forward කිරීමේ හැකියාව ද ඔබට ලැබේ. මේ සඳහා ඉවහල් වන්නේ රවුටර සතු Universal Plug and Play (UPnP) පහසුකම යි. මෙම පහසුකම සක්‍රීය කොට තැබූ විට ස්වයංක්‍රීය ව ම Port එක විවෘත වීම සිදු වේ. මේ නිසා ඔබේ රවුටරයෙහි Password එක අමතක වීම එය භාවිත කළ නොහැකි තත්ත්වයට පත් වීමට හේතුවක් නො වේ.

Image

ඇතැමුන් ගේ අදහස වන්නේ Antivirus වැඩසටහන් නිසා පරිගණකයෙහි ක්‍රියාකාරී වේගය අඩු වන බව යි. මෙය අතීතයේ දැක ගත හැකි වූ දුර්වලතාවක් වන නමුත්, නූතන Antivirus වැඩසටහන් මෙම දුර්වලතාව මග හැරගෙන තිබේ. වර්තමාන පරිගණක ද කාර්යක්ෂමතාව අතින් ඉහළ මට්ටමක පවත්නා හෙයින් ඒවායේ වේගය පහළ දැමීම සඳහා හැකියාවක් මෙම වැඩසටහන්වලට නොමැති ය. Windows 7 සඳහා Microsoft Security Essentials, Windows 8 සඳහා Windows Defender වැනි නොමිලේ ලබා දෙන වැඩසටහන් විශාල මතක ධාරිතාවක් ලබා නොගන්නා අතර, පරිගණකයෙහි වේගය කෙරෙහි ද බලපෑම් නො කරයි.


Image

මෙහි දී සිහි තබා ගත යුතු තවත් කරුණක් වන්නේ Antivirus වැඩසටහනක් සියල්ල සිදු නොකරන බව යි. එනම්, එබඳු වැඩසටහනක් භාවිත කළ ද අනාරක්ෂාකාරී ආකාරයෙන් පරිගණකය හැසිරවීමෙන් වැළකීම කෙරෙහි ඔබේ අවධානය යොමු විය යුතු ය. කෙසේ වෙතත් මෙම කරුණු Windows මෙහෙයුම් පද්ධතිය සඳහා සාධාරණ වන අතර, Linux මෙහෙයුම් පද්ධතිය සඳහා Antivirus වැඩසටහන් අවශ්‍ය නො වේ.