අපි අද තොරතුරු කියන්නේ ට්‍රාන්සිස්ටරය ගැනයී.මේ ලිපිය පාසල් යන දරුවන්ට වගේම හැම දෙනාටම වැදගත් වෙයි කියලා හිතනවා.හොඳයි එහෙනම් අපි පටන්ගමු
ට්‍රාන්සිස්ටරයේ ඇති ඉක්මන් ක්‍රියාකාරිත්වයත්, නිරචද්‍යතාවයත් නිසා විවිධවූ කාර්යයන් සදභා මෙය යොදා ගනු ලබන අතර උදාහරණ ලෙස ධාරා වර්ධනය,වෝල්ටීයතා වෙනස්කිරීම්, සංඥා සැකසීම සහ දෝළක සැලකිය හැකිය. ට්‍රාන්සිස්ටර තනි ඇසුරුමක ආකාරයෙන් සහ සංගෘහිත පරිපථ වල අභ්‍යන්තර කොටසක් ලෙසද නිර්මාණය කර ඇත. සංගෘහිත පරිපථ වල අභ්‍යන්තරයේ මෙවැනි පරිපථ බිලියන ගණනක් පවතී.
ට්‍රාන්සිස්ටරය නමින් හදුන්වනු ලබන මූලික විද්‍යුත් උපාංගය මගින් ඉතා කුඩා විද්‍යුත් සංඥාවන් වර්ධනය කල හැකි අතර එහිදී සිදුවනුයේ ට්‍රාන්සිස්ටරයේ පාදමට සපයන ධාරාව (Ib) මගින් සංග්‍රාහකය තුලින් ගලා යන ඉතා විශාලවූ (Ic) ධාරාව පාලනය කිරීමයි. ට්‍රාන්සිස්ටරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි අතර ඒවා නම් ද්වීධ්‍රැව සන්ධි ට්‍රාන්සිස්ටරය සහ FET ට්‍රාන්සිස්ටරය වේ.
ට්‍රාන්සිස්ටරයේ ඉතිහාසය
ට්‍රාන්සිස්ටර වර්ග
1 ද්විඩ්‍රැව ට්‍රාන්සිස්ටරය
2 FET ට්‍රාන්සිස්ටරය
*ද්‍විධ්‍රැව ට්‍රාන්සිස්ටර
PNP හා NPN යනුවෙන් වර්ග දෙකක් පවතී.
*FET ට්‍රාන්සිස්ටරය
J-FET හා MOS-FET යනුවෙන් වර්ග දෙකක් පවතී.
ට්‍රාන්සිස්ටරයක අග්‍ර තුනක් ඇත
පාදම(Base), සංග්‍රාහකය (Collector), විමෝචකය(Emitter) ලෙස හදුන්වයි
FET ට්‍රාන්සිස්ටර්