Saturday, April 11, 2015

අලුත් අවුරුදු මේසයට රසම රස කිරි බතක් ( recipes - කෑම වට්ටෝරුවක් )

2015 මේ අලුත් අවුරුද්දේ,අලුත් අවුරුදු මේසය තව තවත් රස කරවන්නට කෑම වට්ටෝරුවක්....ඔබගේ මවට, බිරිඳට මේ ගැන පවසා ඔවුන් දැනුවත් කරන්න....ආහාර පිසීම නැකැත් වෙලාවේදී පිලියල කරගැනීමටද අපුරුයි....


පැණි රසැති කිරිබත් 


අවශ්‍ය ද්‍රව්‍ය

  1. රතු කැකුළු හාල් ග්‍රෑම් 500 (කෝප්ප 3)
  2. වතුර කෝප්ප 4 ¹/₂
  3. පොල් (මිටි කිරි) කෝප්ප 1 ¹/₂
  4. වියලි මිදී ග්‍රෑම් 100 
  5. කජු ග්‍රෑම් 100 
  6. සිහින්ව ලියාගත් හකුරු ග්‍රෑම් 100 
  7. ලුණු අවශ්‍ය ප්‍රමාණයට 
සාදන ක්‍රමය
01.හාල් හොඳින් සෝදා පදමට ලුණු හා වතුර එක් කොට මධ්‍යම ප්‍රමාණයේ භාජනයකට දමන්න.

02.හාල් මඳ ගින්නේ,අඩක් තැම්බෙන අතර රස්නය මඳක් අඩුකොට සම්පුර්ණයෙන් තැම්බෙන තුරු විනාඩි10ක් පමණ තම්බාගන්න.
cooked kiri bath

03.පොල් කිරි,වියලි මිදී,කජු හා හකුරු එකතු කර අවශ්‍ය ප්‍රමාණයට තම්බා ගන්න ( භාජනයේ අඩියේ නොඇලෙන සේ වගබලා ගන්න)

red rice in coconut milk
04.කිරි බත් පැතලි තැටියක අතුරා කෙසෙල් කොළයක් අධාරයෙන් තුනී කර රිසි හැඩයකට කපා ගන්න...



Comments (6)

Loading... Logging you in...
  • Logged in as
ඇත්තෙන්ම රසවත් ඇති . මේ වට්ටෝරුවේ මූලාශ්‍රත් සටහන් කළානම් ලිපිය තවත් වටිනවා. කොහෙමටත් කිරිබත හදාගත්තොත් බෙහෙම රසට ගුණට හිටීවි.
2 replies · active 520 weeks ago
ඔබේ අදහසට ගොඩක් ස්තුතියි.....!
ඇත්තම කිව්වොත් මේ ලිපිය වෙබ්අඩවියකින් උපුටා ගත්ත එකක් නම් නෙවෙයි.මෙහි යොදා ඇති රුප පමණක් අන්තර්ජලයෙන් ලබා ගන්නා ලදී
ela ela
සිතුම් 's avatar

සිතුම් · 520 weeks ago

මේක ඇත්තටම වසවත් වෙයි......!
එල එල
sanduni j silva's avatar

sanduni j silva · 518 weeks ago

shok ne

Post a new comment

Comments by