Saturday, January 10, 2015

ඕනෑම ජංගම දුරකථනයකින් සිංහල ලියමු (china/java/android/original & more )




ඔන්න යාළුවනේ ඔයාලට කියන්න යන්නේ ගොඩක් ඔයාලට අවශ්‍ය වන දෙයක් ගැනයි.....ඕනෑම ජංගම දුරකථනයකින් සිංහල ටයිප් කරන ක්‍රමයක් ගැනයි......

අද වන විට ෆේස්බුක් වැනි සමාජ
ජාලයන් වල සිංහල භාෂාව බෙහෙවින් භාවිත වෙනවා...ඒවායේ ඇති පොස්ට් එහෙමත් සිංහලෙන් දානවා....ඔයාලා දැකලා ඇති කමෙන්ට් එහෙමත් සිංහලෙන් දාලා තියෙනවා....ඔයාටත් පුළුවන් ඒ විදිහට පොස්ට්,කමෙන්ට් දාන්න

                                                     ඔයාට පරිගණක්, ඇන්ඩ්රොයිඩ් දුරකථනයක්වත් නැද්ද....අඩුම ගානේ සිංහල ටයිප් කරන්න පුළුවන් නොකියා ෆෝන් එකක්වත්.......
එහෙනම් තියෙන්නේ චයිනිස් ෆෝන් එකක්ද.....  එකට කණගාටු වෙන්න එපා....ඔයා ළඟ තියන ඕනෑම  ෆෝන් එකකින් සිංහල ලියන්නත් කියවන්නත් දෙකම පුළුවන්......

මුලින්ම මේ කොන්දේසි ටිකත් සපුර ගන්න ඕනා හොඳේ ;)

01.අන්තර්ජාල සම්බන්ධතාවක්
02.ඔපෙරා මිනි වෙබ් බ්‍රව්සරයක් (සිංහල අකුරු දිස්වෙනම් ඕනෑම වෙබ් බ්‍රව්සරයක් යොදා ගන්න පුළුවන් )

මුලින්ම මේ ලින්ක් එකට යන්න http://Esinglish95.net46.net/sinhala.html (ඔයාගේ ෆෝන් එකේන් යන්න)

සිංහල ලිවීමට උපදෙස් ( ඉහත ඇති ලින්ක් එකට ගියා විට ඇති පිටුව පරිහරණය කිරීමට )

 "සිංග්ලිෂ් වලින් ලියන්න" තීරුවේ ඔබට සිංහලට පරිවර්තනය කලයුතු වාක්‍ය ලියන්න
දැන් "convert" බොත්තම ඔබා "පූර්වදර්ශනය"බලන්න
දැන් "පිටපත් කරන්න" නැමැති ස්ථානයේ ඇති සිංහල වාක්‍ය "පිටපත්" කරගන්න
ඔබට පළ කිරීමට අවශ්‍ය ස්ථානයේ පිටපත් කරගත් වාක්‍ය "paste" කර ගන්න......

හයියෝ ඔයාගේ ෆෝන් එකේ ඔපෙරා මිනි වල සිංහල පෙන්නනේ නැද්ද......ඔන්න එකට විසඳුම

1. Opera mini බ්‍රව්සරයේ ලිපිනය සඳහන් කරන තීරුව (address bar) තුල config: ලෙස සඳහන් කර Go බොත්තම ඔබන්න.
2.Use bitmap fonts for Complex scripts (විවෘත වන නව පිටුවේ අවසානයට ඇති තීරුව) ඇති තීරුවේ තිබෙන චෙක් බොක්ස් එක YES සකසා SAVE බොත්තම ඔබන්න....
03.දැන් ඉහත ඇති ලින්ක් එකට ගිය විට අපුරුවට සිංහල දර්ශනය වේ...

එහෙනම් ආයෙත් මේවගේ පොස්ට් එකකින් හමුවෙමු........