Friday, November 14, 2014

1.5v බැටරියකින් ක්‍රියාත්මක වන ෆෝන් චාජරයක් අපිම හදාගමු




කොහොමද කස්ටිය අද මම හැමෝටම ගොඩක් වැදගත් වෙන පොස්ට් එකක් ගෙනාවා.මම හිතන්නේ ඔයාලත් කැමති වෙයි.මේ පෝස්ට් එකෙන් කියලදෙන්න යන්නෙ 1.5V AA ප්‍රමාණයේ ඒ කියන්නෙ අපි සාමාන්‍යයෙන් පෙන්ටොච් බැටරි කියන වර්ගයේ තනි බැටරියකින් වැඩකරන ෆොන් චාජර් එකක් හදාගන්න විදිහ.හදන්න එච්චර අමාරුවක් නෑ.අලුතින්ම
මේකට ඕනකරන බඩු ඔක්කොම මිලදීගත්තත් වැයවෙන්නෙ රුපියල් පනහක් විතර.හැබැයි මේ ජාතියේ චාජර් එකක් වෙලදපොලේ රුපියල් 400කට ආසන්න ගානක් වෙනවා.කොහොමද මේ සකිට් එක හදා ගත්තොත් වටිනාකම  කියන්න දෙයක් නැනේ. ට්‍රිප් එකක් යනකොට,කරන්ට් එක කපපු වේලාවට හම්මේ තව අම්බනෙට දෙන්නම්කො.....අපි දැන් වැඩේ පටන් ගමු



අවශ්‍ය උපාංග

C 9013                     1
470uf                        1
2200uf                      1
50 Ω (Ohm)              1   (කොළ, කලු, කලු)
5.1v  Zener diode      1
1N4001                    1 

පරන රේඩියෝවක් හොයාගන්න පුලුවන්නම් C9013 ට්‍රාන්සිස්ටර් ඕනතරම් ගලවගන්න පුලුවන්. මේක NPN වර්ගයේ ට්‍රාන්සිස්ටර් එකක්.මේකටත් C9013 වෙනුවට C828 වගේ බොහෝ NPN ට්‍රාන්සිස්ටර් බාවිතාකරන්න පුලුවන්. අනිත් කෑලි ටිකත් ඉතිං ගොඩක්වෙලාවට ඒකෙන්ම හොයාගන්න පුලුවන්වෙයි. කැඩුන ෆොන් චාජර් එකකුත්නම් හොයාගන්න. ඒකෙන් තමයි 5.1v  Zener diode එක ගලවගන්න වෙන්නෙ. ආ චාජර් එකේ මැද තියනව නේද පුංචි ට්‍රාන්ස්ෆෝමර් එකක්? අන්න ඒකත් පින් කඩාගන්නෙ නැතිව පරිස්සමට ගලවලන්න.දැං තියෙන්නෙ මේටික හරියට අමුගන්න වැඩේ.

මේක තමයි සර්කිට් එක


 ට්‍රාන්ස්ෆෝමර් එකේ මෙන්න මේ විදියට එකපැත්තක පින් දෙකකුත් අනිත් පැත්තෙ පින් හතරකුත් තියනව. ඒ පින් හතරක් තියන පැත්තේ එකපැත්තක ඉදන් පිළිවලට පළවෙනි පින් එක ඊට කෙලින්ම උඩින් තියන පින් දෙක පැත්තෙ පින් එකට පාස්සගන්න.



ඒක තමයි රූපයේ B කියල නම්කරල තියෙන්නේ. C කියන එක තමා පින් 4ක් තියන පැත්තේ දෙවෙනි පින් එක. A කියන්නෙ පින් 2ක් තියන පැත්තේ ඉතිරි පින් එක. හරියට මේක ටපලගන්නෙ නැතිව අටවගත්තනම් වැඩේ ගොඩ. දැං in කියන තැනට 1.5v බැටරි එකක් තියල බලන්නකෝ. Out put එකෙන් 5.1v එනව නේද? ඔන්න ඔයාලටත් එහෙනම් දැං ඔයාලම හදාගත්ත ෆොන් චාජර් එකක් තියනවා 

 .