Thursday, February 26, 2015

Toyata Prius 2015 නව පරම්පරාවේ Hybrid රථය

මෙම නව රථය Toyata Prius හි නවතම රථ පරම්පරාවක ආරම්භය සනිටුහන් කරනු ඇති අතර Toyata Electric රථයක ප්‍රධානතම අවශ්‍යතාවයක් වන ඉන්ධන පිරිමැස්ම හා පරිසර  හිතකාමී බව උපරිමයෙන් සුරැකෙනු ඇති බව Toyota සමාගම ප්‍රකාශ කරයි.  මේ වන විට පරම්පරා තුනක්  (Three Generation) ලෙස Toyata Prius රථ නිකුත් වී ඇති අතර සෑම පරම්පරාවක්ම සිය පූර්ව මාදිලි වලට වඩා 10% ක් ඉහළ ඉන්ධන පරිමැස්මක් ලබා දෙන ලෙස දියුණු කර ඇත.




 මෙම නව රථය පෙනුමෙන් හා ප්‍රමාණයෙන් බෙහෝ දුරට සාමාන්‍ය Toyata Prius රථ වලට සමාන වනු ඇති  නමුත් මෙහි ඇතුළත ආසන සැකැස්ම මගින් වඩා වැඩි ඉඩකඩක් සැපයීමට හැකියාව ලබා ගෙන ඇති බව Toyata සමාගම පවසයි.  රථයේ එන්ජිම වඩා කාර්යක්ෂම වන අතර රථය බරෙන්ද අඩු බැවින් වඩා වැඩි ඉන්ධන කාර්යක්ශමතාවයක් සපයනු ඇත. එසේම වැඩිදියුණු කළ විදුලි මෝටරය හා බලගැන්වූ බැටරි පද්ධතිය මෙම කාර්යක්ශමතාව තවත් ඉහල නංවනු ඇත. මීට අමතරව නව රථයේ නව තාක්ෂණික බලගැන්වීම් රාශියක් ඇති බව Toyota සමාගම පවසා සිටියද ඒවා මොනවාදැයි නිසි ලෙස ප්‍රකාශයට පත්කර නොමැත.



සාමාන්‍ය Hybrid electric රථය (Petrol + electricticy) නිපදවන අමතරව සිව්වන පරම්පරාවේ
Plug – in - hybrid හෙවත් ගෘහස්ථ විදුලි පරිපථයක් නැවත ආරෝපණය කළ හැකි බැටරි පද්ධතියක්
සහිත Prius රථයක් ද නිශ්පාදනය කිරීමට Toyota සමාගම සූදානමින් සිටී. මෙම රථ මාදිලියේ නවතම
පහසුකම් ලෙස රැහැන් රහිතව රථය කිරීම (wireles charging) හා පූර්ණ විදුලි බලයෙන් පමණක් වඩා
වැඩි දුරක් ධාවනය කිරීමේ හැකියාව ලබා දීම මෙන්ම තවත් පහසුකම් රැසක්ද එසේ එක් කෙරෙනු ඇත.