Pages

Thursday, April 30, 2015

සද්ද බද්ද නැතිව ඇවිත් හොරු අල්ලන පොලිස් බයික් එක





අපරාධකරුවන් අල්ලාගැනීම, මර්දනය කිරීම අද ලොව ඇති රටවල් බොහොමයක් සතුව පවතින පැනයකි. මන්ද යත් දියුණු වන තාක්ෂණික ක්‍රම යොදාගනිමින් පොලිස් හා වගකිව යුතු පුද්ගල කොට්ටාශයන්ගේ ඇස් වලට වැලි ගසමින් ඉතා සුක්ෂම ලෙස සැඟවී යාම ඔවුන්ට ඉතාම පහසු කාර්යයක් වී තිබේ.
මෙවන් අවස්ථාවන් හැකි තාක් දුරට මැඩපැවැත්වීමේ අරමුණින් උතුරු කැලිෆෝර්නියාවේ Zero මෝටර් සයිකල් සමාගම, නීතිය බලාත්මක කරන පාර්ශවයන්ගේ භාවිතය සඳහා අලුත්ම මෝටර් සයිකලයක් නිෂ්පාදනය කිරීමට යොදා ඇත.

පැයට කිලෝ මීටර 158ක වේගයෙන් ගමන් කිරීමට හැකි මෙම මෝටර් සයිකලය මඟින් නුදුරු අනාගතයේදීම  පොලිසියට අපරාධකරුවන් හඹායාම වේගවත් ලෙස සිදු කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. Zero මෝටර් සයිකල් සමාගම සාමාන්‍ය පුද්ගල භාවිතය සඳහා ඉතාම ගුණාත්මක භාවයෙන් යුතු මෝටර් සයිකල් නිෂ්පාදනයේ පෙරගමන්කරුවකු වී සිටි අතර පොලිසියේ භාවිතය සඳහා නිර්මාණය කල ඔවුන්ගේ ප්‍රථම නිෂ්පාදනය මෙයයි.මෙය Zero මෝටර් සයිකල් සමාගම නිෂ්පාදය කල MMX නම් මෝටර් සයිකලයේ, එනම් හමුදා ක්‍රියාන්විතයේදී යොදාගන්නා ලද off -road මාදිලියේ මෝටර් සයිකලයක පියසටහන් අනුගමනය කරන එකකි. පෙර සඳහන් වූ පරිදිම මෙය නාගරික ප්‍රදේශයන්හි නීතිය බලාත්මක කරන ආයතන වලින් භාවිත වනු ඇති අතර මෙහි ඇති කිසිඳු ශබ්දයක් පිට නොවන එන්ජිම මඟින් අපරාධකරුවන්ට නොදැනෙන ලෙස ඔවුන් පිටුපස හඹාගොස් ග්‍රහණය කරගැනීමට පොලිසියට හැකියාව ලැබෙනු ඇත. මේ වන විටත් ලොස් ඇන්ජලිස් පොලිස් දෙපාර්තමේන්තුව මෙම ඉලෙක්ට්‍රොනික මෝටර් සයිකලය ඇගයීමට පත් කරමින් සිටිති.

අපරාධකරුවන්ට නොදැනී ඔවුන් ග්‍රහණය කරගැනීමේ අරමුණ සාක්ෂාත් කරගනු වස් Zero මෝටර් සයිකල් සමාගම මේ වන විට ඉහත මෝටර් සයිකලයේ Zero SP හා DSP යනුවෙන් මාදිලි දෙකක් නිෂ්පාදනය කිරීමට කටයුතු යොදා ඇත. Zero SP මෝටර් සයිකලය සම්පූර්ණයෙන්ම වීදි ආශ්‍රිතව භාවිතා වනු ඇති අතර පසු කාලීනව මාර්ගාශ්‍රිතව හෝ මාර්ගයෙන් පිටත (off -road) භාවිතය සඳහා යොදා ගනු ඇත.එක් වරක් ආරෝපණය කරන ලද මෙම මෝටර් සයිකල බැටරිය කිලෝ මීටර 264ක් ධාවනය කිරීමට සමත් වනු ඇති අතර, එය නගර බද ප්‍රදේශයන්හි පොලිස් මෙහෙයුම් සඳහා ඉතාම පහසුවෙන් භාවිතා කිරීමට පොලිසියට හැකියාව ලැබෙනු ඇත.
Image

 මෙහි ඇති ශබ්දයක් පිට නොවන එන්ජිම නිසා අපරාධකරුවන් ග්‍රහණය කිරීම පහසු වීම පමණක් නොව , ශබ්ද දුෂණයක් ද සිදු නොවීම මෙහි ඇති විශේෂත්වයයි. නගරයේ ඇති යම් අනාරක්ෂිත ප්‍රදේශයකට වුවද ආවරණය නොවන පරිදි පිවිසීමට මෙයින් සැලසේ. මෙවන් නිෂ්පාදනයක වටිනාකම හා නඩත්තුව පිළිබඳවද දැනගැනීම වැදගත්ය. මෙහි ආරම්භක ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 17 900යේ සිට ඉහලට පවතිනු ඇති අතර, මිලයට ගත් පසු එහි බැටරිය එක් වරක් ආරෝපණය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 1ක පමණ සුළු මුදලක් වැය වේ. එසේම මෙය භාවිතය හා නඩත්තුවේ පහසු බව මෙන්ම, මෙහි නිහඬ බවද පාරිභෝගිකයා විසින් ඇගයීමට ලක් වනු ඇත.

Image

Zero මෝටර් සයිකල් සමාගම පෙර නිෂ්පාදනය කරන ලද MMX මෝටර් සයිකලය මේ වන විට හමුදා ක්‍රියාන්විතයේ ඉතාම ජනප්‍රිය එකක් වී ඇති අතර, එහි ඇති වෙන්ව පිහිටා ඇති ද්විත්ව බැටරි ඉතාම පහසුවෙන් ප්‍රතිස්ථාපනය කල හැකි වේ. මෙහි ඇති "Override" ස්විචය එබීමෙන් හදිසි , එනම් අනාරක්ෂිත හෝ සයිකලය පදවන පුද්ගලයාට යම් හානියක් වූ අවස්ථාවන් වලදී මෝටර් සයිකලයේ ඇති අතිරේකව වේගය වැඩි කරන විධි සියල්ල ශුන්‍ය කරමින් සයිකලයට සිදුවිය හැකි හානිය අවම කරවයි. එසේම මෙම මෝටර් සයිකලය සතුව අධෝරක්ත ආලෝක ලාම්පු ඇති නිසා රාත්‍රියේදී ද කිසිඳු පැකිලීමකින් තොරව භාවිතයට ගත හැකිය.
අනාගතයේදී අපරාධකරුවන් ග්‍රහණය කරන මෙහෙයුම් සාර්ථක වීම කෙරෙහි ,පොලිස් හා හමුදා කණ්ඩායම් සතු ඉව හා සහජ හැකියාවත්ටත් වඩා මෙවන් නිර්මාණ භාවිතය හේතුවනු නිසැකය.