ඕම් (සංකේතය: Ω) යනු, විද්‍යුත් සම්බාධනය හෝ, සරල ධාරා අවස්ථාවෙහිදී, විද්‍යුත් ප්‍රතිරෝධය සඳහා භාවිත කෙරෙන හා, ජෝර්ජ් සයිමන් ඕම් අනුව නම් කෙරුනු, SI ඒකකය වේ.කිසියම් විද්‍යුත්ගාමක බලය කට නතු නොවන සන්නායකයක, ලක්ෂ්‍යය දෙකක් අතර වෝල්ට් 1 ක නියත විභව අන්තරයක් යෙදු කල, ඇම්පියර් 1 ක නියත ධාරාවක් ගලන්නේ නම්
, එම ලක්ෂ්‍යය දෙක අතර ප්‍රතිරෝධය ඕම් 1ක් ලෙසින් අර්ථදැක්වේ.
ඕම් වලින් දැක්වෙන සන්නායකයක ප්‍රතිරෝධය, බොහෝ අවස්ථාවන්හීදි , යම් වෝල්ටීයතා, උෂ්නත්ව, හා අනෙකුත් පරාමිතික පරාසයන් තුලදී, දළ වශයෙන් නියත වන අතර, මෙවැනි අවස්ථාවන්හිදී රේඛීය ප්‍රතිරෝධක අපට හමු වේ. අනෙකුත් අවස්ථාවන්හිදී, ප්‍රතිරෝධය වෙනස් වේ (නිද., ත'මිස්ටර).
විදුලිමය හා විද්‍යුත්මය භාවිතයෙහි බහුල ලෙස පරිහරණය වන්නාවූ ගුණාකාර හා උප-ගුණාකාර වන්නේ මිලිඕම්, ඕම්, කිලෝඕම්, සහ මෙග්ඕම් වේ.
ඕම් නියමය
V වෝල්ටීයතා සැපයුමක් හා සම්බන්ධ කළ R ප්‍රතිරෝධයක් තුළින් I විද්යුත් ධාරාවක් ගලායන විට , මෙම රාශීන් තුන ඕම් නියමයට අනුකූල වේ. V = IR
ඕම් නියමය විද්යුත් පරිපථ සඳහා යෙදෙන අතර එහි සඳහන් වන්නේ සන්නායක ලක්ෂ්‍ය දෙකක් අතර ගලා යන ධාරාව එම ලක්ෂ්‍ය දෙක හරහා වූ විභව වෙනසට ( විභව බැස්ම හෝ විභවය ) අනුලෝමය සමානුපාතික වන අතර ඒවා අතර ප්‍රතිරෝධයට ප්‍රතිලෝමව සමානුපාතික වන බවයි.
මෙම සම්බන්ධතාවය නිරූපණය කරන ගණිතමය සමීකරණය වනුයේ
V= IR
මෙහි I යනු ඇම්පියර්වලින් ධාරාව ද V යනු වෝල්ට් වලින් ලක්ෂ්‍ය දෙක අතර විභව වෙනස ද R යනු ඕම් වලින් මනිනු ලබන ‘ප්‍රතිරෝධය’ යැයි හැදින්වෙන පරිපථ පරාමිතයක් ද වේ. විභව වෙනසට විභව බැස්ම යැයි ද කියනු ලබන අතර සමහර විට එය V වෙනුවට V , E or emf (විද්‍යුත් ගාමක බලය) මගින් දක්වයි.
1827 දී විවිධාකාර දිගින් යුත් කම්බි අඩංගු සරල විදුලි පරිපථ හරහා වූ ධාරාව හා යෙදු වෝල්ටීයතාවයෙහි මිනුම් විස්තර කරනු ලබන ග්‍රන්ථයක් පළ කරනු ලැබු ජියොග් ඕම් නැමැති භෞතික විද්ය්‍යාඥයා සිහි කිරීම පිණිස මෙම නියමය ඕම් නියමය ලෙස නම් කෙරිණි. ඉහත වූ සමීකරණයට වඩා සංකීර්ණ සමීකරණයක් ඔහු විසින් තම පරීක්ෂණ ප්‍රතිඵල පැහැදිලි කිරීම සදහා ඉදිරිපත් කරන ලදී. ඉහත සමීකරණය ඕම් නියමයේ නූතන ආකාරයයි.
* ඕම් නියමයේ දැක්වෙන I,R සහ V
( බොහෝ විට එය මුල් අගයට වඩා වැඩිවේ ) (පහත සදහන් උෂ්ණත්වයේ බලපෑම් බලන්න)
ඕම් නියමයේ ඉහත ආකරය , විදුලි පරිපථවල පරිපථ උපාංගවල වෝල්ටීයතාවය, ධාරාව හා ප්‍රතිරෝධය කිනම් ආකාරයට එකිනෙක සම්බන්ධ වී ඇත්දැයි මහේක්ෂ මට්ටමින් විස්තර කිරීම සදහා විදුලි / විද්යුත් ඉංජිනේරු ක්ෂේත්රවල දී අතිශයින් ප්‍රයෝජනවත් වේ. ද්‍රව්‍යයක විද්‍යුත් ගුණාංග අණ්වීක්ෂීය මට්ටමේ සිට අධ්‍යනය කරන භෞතික විද්යාඥයින් විසින් ඕම් නියමයට සමීප සම්බන්ධතාවයක් දක්වන පොදු දෛශික සමීකරණයක් භාවිතා කරයි. එහි I , V සහ R යන ඕම් නියමයේ අදිශ විචල්‍යතා වලට සමීප සබඳතාවයක් ඇති විචලනයක් පවතී. නමුත් ඒවා සන්නායකයක් තුළ පවතින අගයන්ගේ ශ්‍රිත වේ.