Sunday, May 17, 2015

ඉස්හොරි වදයෙන් මිදෙන්න සාර්ථක ප්‍රතිකාර 10ක්

ඔබත් ඉස්හොරි නිසා කලු වර්ණයෙන් යුත් ඇදුමි ඇදීමට බියවී සිටින්නේද?. හිස්කබල මත ඉස්හොරි ඇතිවිම සදහා හේතු වන්නේ වියලි සම තෙල් සහිත සම හිස්කබල මත බැක්ටීරියා සහ දිලීර වර්ධනය වීම යන සාධකයන්ය ඉස්හොරි නිසා කසන ගතියක් ඇතිවන අතර වියලි සමේ පතුරු ගැලවෙන තත්වයක්ද ඇතිවෙනවා.

මෙහි නරකම තත්වය වන්නේ ඔබ සාදයකදි හෝ මිතුරෙක් සමග කතාකරන විට ඔවුන්ගේ අවධානය ඔබගේ උරහිස දෙසට යොමුවීමය.මෙහිදී ඔබ කිසිවක් කිරීමට නොහැකි ලෙස අසරණ විමය. මේ සදහා විවිධ ෂැමිපු වර්ග ඔබට භාවිතා කළ හැකිය.එමෙන්ම ඔබට ස්වභාවික ප්‍රතිකාරයන්ද අත්හදා බැලීමට හැකියාවක් තිබෙනවා.නමුත් මෙම ස්වභාවික ප්‍රතිකාරයන් මගින් ඔබට ඉස්හොරි කරදරයෙන් අත්මිදීමට ඔබට හැකිවෙනවා මෙන්ම මානසික සුවයක් ලබාගැනිමට හැකිවෙනවා ඇත .

ඉස්හොරි සුවකරගැනීම සදහා භාවිතා කළහැකි සාර්ථක ස්වභාවික ප‍්‍රතිකාර 10 මෙහි දක්වා ඇත .
 
කොහොඹ
මෙය විවිධ රෝගයන් ගණනාවක් සදහා ඉතා හොද ප්‍රතිකාරයකි. එම රෝගය දත් කැක්කුමක් හෝ අජීර්ණයක් වුවද මෙය ඉතා පුදුම සහගත ලෙස ක්‍රියාකරනු ඇත. එමෙන්ම මෙය ඉස්හොරි සදහාද ඉතා හොද ප්‍රතික්රමයකි.ඒ සදහා ඔබට කරන්නට ඇත්තේ
මෙහි කොළ ගෙන වතුර කෝප්ප 4ක් පමණ යොදාගෙන රත්කිරීමය.විනාඩි 15ක් පමණ රත්කිරීමෙන් පසු එය සිසිල් වෙන්නට තබා කොළ ඉවත්කර එම වතුර ඉතා හොදින් ඔබෙ කෙස්වල තවරන්න.සතියකට වාර 3ක් හෝ 4ක් මෙය සිදුකිරීමෙන් ඔබට ඉතා හොද ප්‍රතිඵල ලබාගැනීමට හැකිවෙනු ඇත.



පොල්තෙල්
පොල්තේල් විශාල වශයෙන් භාවිතා වන්නේ ඉවුමි පිහිමි කටයුතු වලටය එමෙන්ම පිරිසිදු කිරිමි කාරකයක් ලෙසද මෙය භාවිතා කරයි. ඉස්හොරි නැතිකිරිමෙ හැකියාව පොල්තෙල් වලට ලැබී ඇත්තේ එහි ඇති ප්‍රතිදිලීර ගුණය නිසාවෙනි වියලි හිස්කබල තෙත් කරමින් කසන ගතිය නැතිකිරීමෙ හැකියාවක් පොල්තෙල් සතුවෙ. මෙහිදී පොල්තෙල් ස්වල්පයකට දෙහි යුෂ ස්වල්පයක් එකතු කර මිශ‍්‍රකරගන්න (පොල්තෙල් ගන්නා ප්‍රමාණයෙන් හරි අඩක් වන පරිදි ලෙමන් යුෂ එකතු කරගන්න.එම මිශ‍්‍රණය හිසෙහි තවරා මිනිත්තු කිපයක් ඇගිලිතුඩු වලින් සමිභාහනය කරන්න.මිනිත්තු 20ක් පමණ ගතවූ පසු සෝදා හරින්න.සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම ප්‍රතිකාරය සිදුකරන්න

Apple Cider Vinegar
මෙය අද වනවිට මුලුතැන්ගෙට අවශ්‍යම අමුද්‍රව්‍යයක් බවට පත්වී අවසන්ය මෙය ඕනෑම සුපිරි වෙළදසැලකින් ඔබට මිලදී ගත හැකිය මෙහි ඇති විශේෂතම ගුණාංගය වන්නේ pH අගය නැවත ලබාගැනීමට ඇති හැකියාවය වමනිසා මෙය ඉස්හොරි නාශකයක් ලෙස හැදින්විය හැක මක්නිසාදයත් මෙමගින් වියලි හිස්කබලට නැතිවි ගිය තෙතමනය නැවතත් ලබාදීමය මේ සදහා
මෙමගින් මේස හැදි 2ක පමණ ප්‍රමාණයක් ගෙන ඒ හා සමාන පරිමාවක් ජලය මීට එක්කරගන්න
මෙම මිශ‍්‍රණයටම tree oil බිංදු 15ක් පමණ එක්කරගන්න
මෙය හිසේ තවරා මිනිත්තු 10ක් පමණ සිටින්න
මෙය හොදින් සෝදා හරින්න සතියකට දෙවරක් හෝ තෙවරක් මෙ ප්‍රතිකාරය සිදුකරන්න

බේකිං සෝඩා
බේකිං සෝඩා පිලිබද ඇසූ පමණින් බොහෝ දෙනාට මතක් වන්නේ පාන් හෝ කේක් ය මක්නිසාදයත් බොහෝ දෙනා මෙය භාවිතා කරන්නේ පාන් හෝ කේක් සෑදිමටය නමුත් මෙය ඉතා හොද ඉස්හොරි නාශකයකි මෙමගින් හිස්කබලේ ඇති අනවශ්‍ය තෙල් උරාගන්නා අතර ඔබේ වියලි හිස්කබලෙහි ච්‍ය අගය නැවත යථා තත්වයට පත්කරයි මෙහිදි
බේකිං සෝඩා ප්‍රමාණයක් (අත්ල පිරෙන පරිදි ගෙන එය යමිතමින් තෙතමනය සහිත හිසකෙස් මත තවරා සමිභාහනය කරන්න
මිනිත්තු 5කින් පමණ පසුව උණුසුමි ජලයෙන් මෙය සෝදා හරින්න නමුත් ෂැමිපු යොදානොගන්න
සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම ප්‍රතිකාරය සිදුකරන්න
සුදු විනාකිරි
විනාකිරි පිලිබද ඔබ හැමදෙනාම දැනුවත් ඒ වගේම සුදු විනිකිරි වලින් සිදුකරන්නෙත් ඔබේ හිස්කබලෙහි දිලීර ඇතිවීම වැළැක්විමය මෙහිදී
සැමිපු කිරිමෙන් පසුව සුදු විනිකිරි කෝප්ප භාගයකට ජලය කෝප්ප 2ක් මිශ‍්‍රකර හිසේ ආලේපකරන්න
මිනිත්තු 5කින් පමණ පසුව මෙම මිශ‍්‍රණය සෝදා හරින්න එසේත් නොමැතිනමි
විනාකිරි කොටස් 2කට ඔලිවි තෙල් කොටස් 1ක් හා ජලය කොටස් 3ක් එක්කර මිශ‍්‍රකරගන්න
මෙය හිස්කබලෙහි තවරා මිනිත්තු 10ක් පමණ තබා මෘදු ෂැමිපු එකක් භාවිතා කර සෝදා හරින්න
සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම ප්‍රතිකාරය සිදුකරන්න

ඔලිවි තෙල්
නිතරම ඔලිවි තෙල් භාවිතා කිරිමෙන් හිස්කබලෙහි ඇතිවන වියළි ගතිය නැතිකිරිමට හැකියාවක් ඇත එමෙන්ම ඔලිවි තෙල් ඉතාමත්ම හොද ස්වභාවික ප්‍රතිකාරයකි මෙහිදී
ඔලිවි තෙල් ස්වල්පයක් මද වේලාවක් රත්කරගන්න
පසුව එම තෙල්වලින් මිනිත්තු කිහිපයක් හිස සමිභාහනය කර උණුසුමි තුවායකින් හිස වෙලාගන්න
මිනිත්තු 45 ක් පමණ හෝ රාති‍්‍රය පුරාවටම එය තිබෙන්නට හැර පසුව හිස සෝදා හරින්න
සතියකට කිහිප සැරයක් මෙය සිදුකරන්න



Tea tree තෙල්
  මෙය ඉතා හොද ස්වභාවික ප්‍රරතිකාරයකි නමුත් අද වනවිට මෙය ක්‍රමයෙන් නිවෙස්වල භාවිතා නොවන දෙයක් ලෙසට පත්වී ඇත මෙහි ඉතා හොද දිලිර නාශක හැකියාවක් ඇත මෙහිදී
ඉතා සුලු බිංදු ප්‍රමාණයක් සැමිපු සමග මිශ‍්‍රකර භාවිතා කළ හැක
එමෙන්ම පොල්තෙල් හෝ ඔලිවි තෙල් සමග මිශ‍්‍රකර සාදාගත් මිශ‍්‍රණය හිසෙහි තවරන්න
මිනිත්තු 30 ක් පමණ හෝ රාති‍්‍රය පුරාවටම එය තිබෙන්නට හැර පසුව හිස සෝදා හරින්න
සතියකට කිහිප සැරයක් මෙය සිදුකරන්න

ලෙමන් යුෂ
යෝගටි කෝප්ප කාලකට ලෙමන් ගෙඩියක භාගයක් පමණ එකතු කරගෙන හොදින් මිශ‍්‍රකර එය හිස්කබලෙහි ආලේප කර මිනිත්තු 20ක් පමණ තබා ෂැමිපු වර්ගයක් භාවිතා කර සෝදාහරින්න
එමෙන්ම ලෙමන් යුෂ තේ හැදි කිහිපයකට ජලය ස්වල්පයක් එක්කර හිස්කබල සමිභාහනය කර මිනිත්තු 5ක් පමණ සෝදා හරින්න
ඇස්පී‍්‍රන්
බොහෝදෙනා ඇස්පි‍්‍රන් යොදාගන්නනේ හිසේ කැක්කුමටය නමුත් මෙය ඉතා හොද ඉස්හොරි නාශකයකි මෙයට හේතුව වන්නේ සැලිසිලික් අමිලය මෙහි අන්ත්රගත විමය මෙමගින් හිස්කබලෙහි ඇති මැරුණු සම ඉවත්කරයි

ඇස්පී‍්‍රන්
පෙති 2ක් කුඩුකර එය ෂැමිපු සමග මිශ‍්‍රකරන්න
හිස්කබලෙහි මෙය තවරා සමිභාහනය කර මිනිත්තු කිහිපයක් තබන්න
ඇස්පී‍්‍රන් කුඩු ඉවත්වන තෙක් හොදින් ෂැමිපු භාවිතාකර සෝදාහරින්න
එසේත් නොමැතිනමි ඇස්පී‍්‍රන් පෙති 3ක් විනිකිරි මෙිස හැන්දක් සමග මිශ‍්‍රකරගන්න
එය හිසකබලෙහි තවරා පැය භාගයක් පමණ තබන්න
ඇස්පී‍්‍රන් කුඩු ඉවත්වන තෙක් හොදින් ෂැමිපු භාවිතාකර සෝදාහරින්න




උළුහාල්
  උළුහාල් වල ඇති ප්‍රතිදිලීර ගුණාංගය හා සංසිදුවන ගුණාංගය මගින් වඩාත් හොදින් ඉස්හොරි නැතිකරගැනීමට හැකිවේ මෙහිදී මෙය හිස්කබලෙහි තවරා පැය කිහිපයක් තිබෙන්නට හැර ෂැමිපු වර්ගයක් භාවිතාකර සෝදා හරින්න
සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම ප්‍රතිකාරය සිදුකරන්න