Thursday, March 5, 2015

Dongle එකෙන් Call ගන්න මෙන්න ක්‍රමය




ඔයාලා ගොඩ දෙනෙක් ඉන්ටනෙට් යෑම සඳහා භාවිතා කරන්නේ dongle එකක් නේද? මැසේජ් එකක් ගහා ගන්න පුළුවන් උනාට වෙන වැඩි දෙයක් කරගන්න බැහැ නේද? ඔන්න ඉතින් එකට නියම විසඳුමක් අරගෙන ආවා..මේ ජිල්මාට් එකෙන් කෝල් , මැසේජ් , කන්ටැක් ,කනෙක්ෂන් හිස්ට්‍රියක් හා තවත් බොහෝ දේ තියෙනවා.ලැප්ටොප් වලටනම් කියාපු භාණ්ඩේ....
මම ජිල් මාර්ට් එක කරන විදිහ අකුරක් නැරම කියලා දෙන්නයි හදන්නේ , හොඳට කියවලා වැඩේට එන්ටර් වෙන්න

මෙම ක්‍රමය භාවිතයේ ඇති වාසි කිහිපයක් 
* පරිගණකයෙන් දුරකථන ඇමතුම් වලට පිළිතුරු දීමේ හැකියාව 
* පරිගණකයෙන් දුරකථන ඇමතුම් ලබා ගැනීමේ හැකියාව 
* පරිගණකයෙන් කෙටි පණිවිඩ යැවීමේ / ලබා ගැනීමේ හැකියාව 
* ඔබගේ ගිණුම රි-චාජ් කිරීම / මුදල් ශේෂය දැන ගැනීමට හැකි වීම 
* ඔබ අන්තර්ජාලය හා සම්බන්ද වී ඇති ආකාරය පිලිබඳ වාර්තාවක් ලබා දීම 
* ඇඩ් නොමැති වීම 
* ඕනෑම Huawei dongle එකකට ක්‍රියාත්මක වීම 

මෙම ක්‍රමය භාවිතයේ ඇති ආවාසි කිහිපයක් 
* Huawei dongle වලට පමණක් ක්‍රියාත්මක වීම 

<< ඔයාලා මේ ක්‍රමය අත්හදා බැලීමේදී බිය වීමට කිසිදු කාරණයක් නොමැත...  Eසිංහල95  අපි අත්හදා බලා ඇති නිසා dongle එකේ ,පරිගණකයේ ආරක්ෂාව පිලිබඳ 100%  සහතික වෙමි. >>

අපි දැන් වැඩේ පටන් ගන්නයි හදන්නේ......

01.මේ වැඩේ කරන්න පොඩි ජිල්මාට් කිහිපයක් අවශ්‍ය වෙනවා.සේරම එක පාර මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න (20.7MB ONly)
<< මේහි  ඇතුලත මෘදුකාංගයක් හා ක්‍රැක් එකක් ඇත.මෙය ඩවුන්ලෝඩ් නොකර ඊළඟ පියවරට යොමුවිය නොහැක >>

02.දැන් ඩවුන්ලෝඩ් කරගත්ත  zip file එක Extract කර ගන්න

03.දැන් ඔබේ Huawei dongle එකේ ඇති සිම් එකයි.මෙමරි කාඩ් එකත් දාලා තියෙනවා නම් එකයි ගලවලා ඔබේ පරිගණකයට සම්බන්ද කරන්න( dongle එකෙන් ලබාදෙන පණිවිඩ සියල්ලම Close කරන්න )

04.දැන් part 1 file එක ඇතුලේ ඇති මෘදුකාංග මත Right click කර Run as adnimistrator ලබා දෙන්න

05.පහත රූප පෙළ ඇති ආකාරයට ඔබේ dongle එක update කර ගන්න





<< මෙම ක්‍රියාවලිය සිදුවෙන අතර තුරේ dongle එක සෙලවීමකට වත් ලක් නොකරන්න >>

06.එම ක්‍රියාවලිය අවසන් වූ පසු නැවත මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට ඔබගෙන් අහයි.එම මෘදුකාංගයත් ස්ථාපනය කරගන්න( නැති නම් dongle එක ගලවා නැවත පරිගණකයට සම්බන්ද කරන්න එවිට එම පණිවිඩය ඔබට ලැබේ ) ඉන්පසු අලුත් Mobile Pertner එකක් දිස් වෙයි.එයද Close කරන්න.

07.දැන් part 2 file එකේ ඇති plugins file එක Copy කර ගන්න.ඉන්පසු ඔබේ dongle එක ස්ථාපනය කරපු ස්ථානය හොයා ගන්න.ඒ සඳහා  මේ පියවර අනුගමනය කරන්න

Computer > C > Program Files (x86) > Reliance 3G 

ඉන්පසු එහි ඇති plugins file එක ඩිලීට් කරන්න << කිසි දේකට බයවෙන්න එපා ! >>


දැන් ඔබ Copy කරගත්ත file එක Paste කරගන්න

08.දැන් ඔබගේ dongle එකට සිම් එකක් දාලා පරිගණකයට සම්බන්ද කරන්න.කොහොමද දැන් අලුත් Mobile Pertner එක පට්ටයි නේද?



කමෙන්ට් එකක් එහෙම දාලා fallow පාරකුත් දාගෙනම යන්න