Thursday, November 27, 2014

ව්සිතුරු මසුන් අති කරමු ( part 1 )

ඔන්න යාළුවනේ මම අළුත් වැඩකට ඇත ගැහුවා.ඒ කියන්නේ ඔයාලා කවුරුත් ආසකරන,කැමති සුරතල් මසුන් ගැන ලිපි කිහිපයක් ලියන්න බලාපොරොත්තු වෙනවා.ඔයාලත් කැමති ඇතිනේ...සුරතල් මසුන් ඇති කරන්න.
මම පුංචි කාලේ ඉඳලම මට ලොකු පිස්සුවක් තිබුනා....(මේ එකක් විතරයි හොඳේ ;) )
සුරතල් මසුන් ඇති කරන්න.මම ඉතින් යාළුවෙකුගෙන් සාරි ගප්පි දෙතුන් දෙනෙක් පුංචි බෝතලයක දාගෙන ඇති කරනකොට අපේ තාත්තා මට ලොකු මාළු ටැංකියක් ගෙනවිත් දුන්නා.මගේ වැඩේම ඉතින් ටැංකියට මාළු ගෙන එක තමයි.ටිකක් ලොකු වෙනකොට තමයි පිස්සුව හොඳටම වැඩි උනේ...ඇත්තම කිව්වොත් තාමත් මම සුරතල් මසුන් ඇතිකරනවා....

මම අද කියා දෙන්නේ මාළු ටැංකියක් නිර්මාණයේදී සැලකිලිමත් විය යුතූ කරුණු ගැනයී එහෙනම් පටන්ගමු  නේද?




මසුන් ඇති කරන තටාක වර්ග කිහිපයක්ම තියෙනවා.ඒවා නම් ටැංකි,පොකුණු ලෙස නිදසුන් දෙන්න පුළුවන්.
ප්‍රමාණයෙන් විශාල හා ඉහලින් බැලුවිට වර්ණවත් ලෙස පෙන්න මාළු වෙන්න ඕනි.එතකොට තමයි හොඳට මාළුවන්ව පෙන්නේ.පැත්තෙන් බැලුවිට පෙනෙන ප්‍රමාණයෙන් කුඩා හා  වර්ණවත් මාළුවන් ටැංකි වල ඇති කරන්න ඕනි.සාමාන්‍යයෙන් ලේසිය හා පහසුව නිසා බොහෝවිට විදුරු ටැංකි භාවිතා කරයි.එහෙත් මීට ටික කාලයකට පෙර භාවිතා කලේ එක් පැත්තක් විදුරු වලින් හා අනෙකුත් පැති සිමෙන්ති වලින් නිම වූ ටැංකින්ය.කුමන ආකාරයකට මාළුවන් ඇති කරාත් මාළුවන්ට වඩා හිතකර වන්නේ සිමෙන්ති වලින් නිම වූ ටැංකින්ය.මේකට හේතුව වෙන්නේ සිමෙන්ති වලින් නිම වූ ටැංකි වල සිදුරු සමඟ පැමිණෙන ඔක්සිජන් වායුව වැඩිපුර ජලය සමඟ ගැටීමකට ලක්වී මාළුවන්ට ශ්වසනයට උපකාරී වෙන නිසයි.තවද මේවා ගැනත් සැලකිලිමත් වෙන්න.....

  • පැය කිහිපයක් හිරු එලිය ඇති තැනක ටැංකිය නොතබන්න 
  • ජලයේ පාවෙන ඇල්ගී ඉක්මනින් වර්ධනය වී ජලය අපැහැදිලි වේ.එවිට මළුවන්ගේ කරමල් වලට අවහිරතා වෙන්න පුළුවන් 
  • ටැංකිය නිතරම සෙවන ඇති ස්ථානයක තිබිය යුතුය 
  • නිවස තුල නම් ජනේලයක් අසලින් ටැංකිය තබන්න 
  • එතකොට ආලෝකය ලැබෙන්නේ එක් කාලසීමාවක් තුලදී පමණයි.(එය මළුවන්ගේ වර්ධනයට බලපායි )
  • නිතරම ස්භාවික පරිසර තත්වයකට සමීපවනසේ ටැංකිය අලංකාර කරගතයුතුය
  • හයිඩ්‍රීල්ල වැනි ජලජ ශාක භාවිතා කර අලංකාර කරගන්න පුළුවන්.
මේ කියූ කරුණු උපකාරී කරගෙන ඔයාලාගේ මාළු ටැංකිය නිර්මාණය කරගන්න.එහෙනම් මේ වගේ ලස්සන සුන්දර පොස්ට් එකකින් හමු වෙමු.............